කැනඩාවේ ජීවත්වූ ශ්‍රී ලංකික පවුලක හය දෙනෙක් මරා දමයි

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි .

මෙලෙස ඝාතනය කර ඇත්තේ මවක් සහ ඇයගේ දරුවන් සිව් දෙනා සහ එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකි . දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහලේගත කර තිබේ. මිය ගිය දරුවන් සිව් දෙනාම වයස අවුරුදු හතට අඩු බාල වයස්කරුවන් බව වාර්තා වේ

ඝාතනයට සම්බන්ධව 19 හැවිරිදි ෆේබ්‍රියන් ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කර ඇත . ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.