කපපු විදුලිය ගන්න යන ගාස්තු අඩු වෙයි

නව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේ දී සහ විසන්ධි කළ සම්බන්ධතාවය නැවත ලබාගැනීමේ දී ජනතාවට සහන ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් සඳහන් කළේ, “විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ ගාස්තුව රුපියල් 3,000ක්. මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා එය රුපියල් 800 දක්වා අඩු කරන්න.”

“තවත් දෙයක් තමයි නැවත විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ගෙවා ගැනීමට නොහැකි මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදීලා තිබෙනවා.”

“අලුතින් විදුලි සම්බන්ධතාවය ලබාගැනීමේදී.. පෙර තිබුණේ විදුලි සම්බන්ධතාවය නතරවී තිබෙන තැන සිට අප ලබාගන්නා ස්ථානය දක්වා දුරට ගෙවන්න ඕනේ.”

“දැන් විදුලිබල මණ්ඩලය අපේ මායිම දක්වා ගෙනත් දෙනවා. එතන සිට තමයි පාරිභෝගිකයා ගෙවන්න ඕනේ.”

“විදුලි ගාස්තු අඩුවීමත් එක්ක දැන් ඒකක 30ක් පාවිච්චි කරන පාරිභෝගිකයෙකු පෙර රුපියල් 540ක විදුලි බිලක් ගෙව්වා. දැන් එය රුපියල් 390 දක්වා අඩු වෙනවා.”

“ඒකක 60ක් පාචිච්චි කරපු කෙනෙකු රුපියල් 1,620ක් ගෙවපු එක දැන් රුපියල් 1,140 දක්වා අඩු වෙනවා.”

“ඒකක 90ක් පාචිච්චි කරපු කෙනෙකු රුපියල් 3,990ක් ගෙවපු එක දැන් රුපියල් 2,800 දක්වා අඩු වෙනවා.”

“ඒකක 120ක් පාවිච්චි කරපු කෙනෙකුට රුපියල් 6,460ක විදුලි බිලේ සිට රුපියල් 4,900 දක්වා විදුලිබිල අඩුවීමක් ලැබෙනවා.” යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!