කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගින්නේ දුම් ආඝ්‍රහණය වීම හේතුවෙන් ඇතිවූ ශ්වසන අපහසුතා මත පාසල් සිසුන් 50ක් රෝහල්ගත කර ඇතිබව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙම ගින්නෙන් එක් පුද්ගලයෙක් මිය ගිය අතර, එම මියගිය පුද්ගලයා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකකවල සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර කඳාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.