උද්දිකගේ පුටුවේ මුතුකුමාරණ දිවුරුම් දෙයි

ඉකුත් දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ උද්දික ප්‍රේමරත්න මහතා වෙනුවට, ඔහුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා දිවුරුම් දුන්නා.

ඒ අද (05) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා ඉදිරියේ යි.

2020 මහ මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුව අනුව මුතුකුමාරණ මහතා මෙම පාර්ලිමේන්තු අසුන සඳහා තේරී පත් වූ අතර පසුගිය දා ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, තමන් වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය පළ කරන බවයි.

බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මුතුකුමාරණ මහතා පසුගිය 2020 මහ මැතිවරණයේ දී මනාප සංඛ්‍යාව 38,000ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර මුතුකුමාරණ මහතා උතුරු මැද කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දැනට කටයුතු කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!