එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදා ඔවුන්ගේ වාර්ෂික හමුදා අභ්‍යාස පවත්වන අතරතුර උතුරු කොරියාව බටහිර වෙරළ තීරයේ සිට බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇතිබව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි .
ජපාන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයකින් කියවෙන්නේ අද දේශීය වේලාවෙන් (GMT 04:34) පස්වරු 1:34 ට පමණ ඊසානදිග දිශාවට උතුරු කොරියාව මෙම මිසයිල එලකර ඇතිබවයි .
ජපානය ඇස්තමේන්තු කරන්නේ එම මිසයිල කිලෝමීටර් 80 (සැතපුම් 50) ක උපරිම උසකට ළඟා වූ බවත්, ටෝකියෝවේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ආසන්නව පතිතවී අතිබවත්ය . කෙසේ වෙතත් අසල ඇති ගුවන් යානා හෝ නැව් වලින් කිසිදු හානියක් වාර්තා වී නොමැති බව වාර්තා වේ.