කටාර් රාජ්‍යයේ රාස් ලාෆන් බලාගාරයට ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් එරට ආර්ථිකයට බරපතල බලපෑමක් කරනා බව එරට බලශක්ති අමාත්‍යවරයා පවසා ඇත .
ඉදිරි වසර 5 තුළ කටාර්හි ස්වභාවික වායු(LNG) අපනයන ධාරිතාවය 17% කින් අඩුවනු ඇති බවත්, ඒ හේතුවෙන් ඩොලර් බිලියන 20 ක පමණ වාර්ෂික ආදායමක් රටට අහිමි වනු ඇති බවත් ඔහු පැවසීය .
ඉරාන ප්‍රහාරය බරපතල හානියක් සිදුකළ බව තමා දැන සිටියත්,එය මෙතරම් බරපතල බව තමන් නොසිතූ බව අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත . ඊශ්‍රායලය පසුගියදා පර්සියානු බොක්කෙහි පිහිටි ඉරානයට අයත් ගෑස් නිධියට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය රාස් ලාෆාන් වෙත මෙම ප්‍රහාරය එල්ල කර තිබේ .