ප්‍රමාණවත් පරිදි ගෑස් තොග සමාගම සතුව පවතින බැවින්, අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්රෝ සමාගම නිකුත්කළ නිවේදනයක දැක්වෙයි. එබැවින් ගෑස් හිඟයක් පිළිබඳව අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා එම සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි . අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි .
කෙසේ වෙතත් පසුගිය දින දෙකක කාලයේ සිට දිවයිනේ බොහෝ පළාත්වල ලිට්රෝ ගෑස් හිඟයක් පවතින බව වාර්තා වෙයි .