මැදපෙරදිග තෙල් මිල ඉහළ යෑම සහ වර්ධනය වෙමින් පවතින භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේදී වේගයෙන් පහත වැටීමට පටන්ගෙන ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි .
උත්සන්න වෙමින් පවතින කළාපීය අස්ථාවරත්වය හේතුවෙන් MSCI ආසියා-පැසිෆික් දර්ශකය 1.8%ක් පමණ පහත වැටුණු අතර, ජපානයේ නිකේයි දර්ශකය 1% කින්ද, TOPIX දර්ශකය ඊට ආසන්න අගයකින්ද පහත වැටී ඇත .
දකුණු කොරියාවේ කොස්පි දර්ශකය1.7% කට ආසන්නව පහත වැටුණු අතර හොංකොං හි හැන්ග් සෙන්ග් දර්ශකය 0.98% කින් පමණ පහත වැටිණි.
චීනය, තායිවානය සහ අග්නිදිග ආසියානු වෙළෙඳපොළවල් කිහිපයක් අඛණ්ඩව පහත වැටුන නමුත් සිංගප්පූරු කොටස් වෙළඳ පොලේ සුළු වර්ධනයක් දකගත හකි විය .