ආපදාවන්ගෙන් විනාශ වූ ගෙවල් ප්‍රතිසංස්කරණයට රජයේ මුදල්

ආපදා සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අදාළ මුදල් ප්‍රතිපාදන යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව වාර්තා වෙනවා.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස රජයේ මුදල් යොදවා ඉදිරි මාස දෙක ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද ජනාධිපතිවරයා දන්වා තිබෙනවා.

විනාශ වී ගිය එම නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!