ආණ්ඩුව අවුල් කරනා සජිත්ගේ උපාය මෙන්න .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනා පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චේතනාන්විතව බලපෑම් කරනා දේශපාලන ආරංචිමාර්ග පවසයි . එම හේතුවෙන් විඝණකාධිපතිවරයා පත් කිරීම තව දුරටත් පමාවෙන ආකාරයක් දැකගත හැක .

සිවිල් සමාජය නියෝජනය කරනා නියෝජිතයන්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඊට නව සාමාජිකයන් පත්කළ යුතුව ඇත . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන ප්‍රතිපාදන අනුව එම කටයුත්ත සිදුකළ යුතුව ඇත්තේ අගමැතිවරිය සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙනි.

ඒ වෙනුවෙන් පසුගිය සතියේ විශේෂ රැස්වීමක් පවත්වා ඇතත්, එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්කළ නම් සියල්ලටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සජිත් ප්‍රේමදාස සිය විපක්ෂ නායකයට ලැබී ඇති බලතල භාවිත කරමින්, නව සිවිල් සමාජ නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමට ඉඩ නොදී, එම කටයුත්ත ප්‍රමාද කිරීමට සැලසුම් කර ඇති බවයි. එබැවින් දැනට එම ධුරවල කටයුතු කරන සාමාජිකයන්ගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කරගැනීම සජිත් ප්‍රේමදාසගේ සැලසුම වී ඇතැයි පැවසේ .

ඒ අනුව විඝණකාධිපති ඇතුළු වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේ තව දුරටත් අඩාල වනු ඇතිබවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු ගැටලුසහගත තත්වයකට පත්විය හැකි බවත් වාර්තා වේ.