ආගමන විගමන පාලක ලෙස ඉරාජ් පත්කරයි .

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස ඉරාජ් චමින්ද පතිරාජ පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .

ඊට අදාල යෝජනාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත . ඒ අනුව ඉරාජ් චමින්ද පතිරාජ ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකි .