හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යම් ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට දන්වන්නැයි යාපනය මහේස්ත්රාත්වරයා විසින් නියෝගයක් කර ඇත .
මානව හිමිකම් ක්රියාකාරීන් දෙදෙනෙකු වු ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමට අදාල නඩුව ඊයේ(10) දින යාපනය මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එහිදී ගෝඨාභය රාජපක්ෂ ජීවිත තර්ජන ඇති බව පවසමින් අධිකරණයට පැමිණ නොසිටි අතර ඒ බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
එවැනි ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාල කරුණු 2026 පෙබරවාරි 06 වැනිදා දිවුරුම් ප්රකාශයක් මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.