පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී අද දින සිදුවූ රිය අනතුරකින් මියගිය යතුරුපැදී කරුවා මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාලගේ සොහොයුරා ලෙස හඳුනාගෙන ඇතිබව ගල්ගමුව පොලිසිය පවසයි .
අද පෙරවරු හයයි තිහට (6.30) පමණ සිදු වූ මෙම අනතුරින් මියගිය පුද්ගලයා මහ ඉලුප්පල්ලම පදිංචි කේ.එස් එම්. පියසේන දිසානායක (63) යන අය බවත්, ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.
මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත .
ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.