අපිට සජිත් එපා. අනෙක් අය දැනටමත් සාකච්චා ආරම්භ කරාලා එ.ජා.ප මහලේකම් කියයි.

කිසිම දිනයක රනිල් සමග එකතු නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත. ඒ අනුව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනුයේ සිය පක්ෂය සමගි ජන බලවේගයේ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ වන විටත් සාකච්ඡා කරමින් සිටිනා බවය.

“අපිත් එක්ක එකතු වෙන්න කැමති සමහර SJB මන්ත්‍රීවරුන් එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා” රංගේ බණ්ඩාර මාධ්‍යට පැවසීය.

“අපි සජිත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීමට උනන්දු නොවෙමු, නමුත් සෙසු SJB මන්ත්‍රීවරුන් අප හා සම්බන්ධ කර ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු,” ඔහු අවධාරණය කළේය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!