වැට් බද්ද නිසා ඉන්ධන මිල ඉහළ යා හැකිබවට අනතුරු ඇඟවෙයි.

දැනට පවතින 15% ක් වන වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවීමට ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද වැඩි ඡන්ද 45 කින් සම්මත විය.

නව සංශෝදනය සමග ඉන්ධන මතද වැට් බද්ද පැනවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ නව බදු එකතුවීමත් සමග පෙට්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ලීටරයක් රුපියල් 59කින් මිල ඉහළ යනු ඇති බවයි. ඉන්ධන ගාස්තු ඉහල යමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහළ යනු ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ අනුව ලබන මස පළවෙනිදා සිට නව සංශෝදිත වැට් බද්ද ක්‍රියාත්මක වනු ඇත. ඊට අමතරව මෙතුවක් වැඩ් බද්දෙන් නිදහස් කර තිබූ භාණ්ඩ හා සේවා රැසක් වැට් බද්දට යටත් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!