අප්‍රේල් මාසයෙන් පසු ඉන්ධන නැව් පැමිණීම තවමත් තහවුරුව නෑ .

සිංහල අවුරුදු සමයෙන් පසු මෙරට ඉන්ධන සැපයුම අභියෝගාත්මක විය හැකි බවට පළවන මතවාද ප්‍රතික්ෂේප කරනා බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පැවසීය.

ජාත්‍යන්තර මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් හරහා අඛණ්ඩව ඉන්ධන තොග ලබාගැනීමට මේවන විටත් රජය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් පැවසීය.

විද්‍යුත් මාධ්‍ය නාළිකාවක ඊයේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අප්‍රේල් මාසයෙන් පසු ඉන්ධන නැව් පැමිණීමේ නිල තහවුරු කිරීම් මෙතෙක් වාර්තා නොවුණද, එම සැපයුම් දාමය බිඳ වැටීමට ඉඩ නොතබන බවයි.

එමෙන්ම ලෝකය පුරා පවතින තෙල් ටැංකි හිඟය සහ බෙදාහැරීමේ ගැටලුවලට පිළියම් ලෙස රුසියාව, චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සෘජු රජ්‍යතාන්ත්‍රික (G2G) සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදී පැවසුවා.