අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදී ඇත. මෙම ගාස්තු අඩු කිරීම භාවිත කරනා ඒකක අනුව සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ඒකක 30ට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා 33.3% කින්ද, ඒකක 31-60ත් අතර විදුලි පාරිභෝගිකයන් සඳහා 28%කින් ගාස්තු පහළ දැමීමට නියමිතය.
ඒකක 61-90 සහ පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් සඳහා වන ගාස්තුව 30%කින් ගාස්තු පහළ දමා ඇති අතර ඒකක 91-180 අතර පාරිභෝගිකයන්ට විදුලි ගාස්තුව අඩුවන්නේ 24% කිනි.
ඒකක 180 වට වැඩි ගෘහස්ථ පාරිභෝගිකයන්ට 18%කින්, ආගමික ස්ථානවලට 33%කින් හෝටල් සහ කර්මාන්ත අංශවලට 18%කින් පොදු කාර්ය කාණ්ඩයට 23%කින් රාජ්‍ය අංශය සඳහා 22%කින් විදුලි ගාස්තු අඩු කර තිබේ.