අද දුම්රිය කාලසටහන වෙනස් වෙයි.

විශේෂ නිවාඩු දිනය හේතුවෙන් අද දිනයේ දී සෙනසුරාදා දිනයට අදාල දුම්රිය කාල සටහන ක්‍රියාත්මක කරනාබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 29 ක් හා උකුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 17 හා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 33 ධාවනය කිරිමට නියමිතය.

කැලණිවැලි මාර්ගයේ ගමන් වාර 5 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 9 ක් මඩකලපුව හා ත්‍රිකුණාමල මාර්ගයේ ගමන් වාර 6 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර දිවයිනපුරාම නියමිත පරිදි බස්රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් ඇතම් අවස්ථාවන්හී නියමිත කාලසටහනේ යම් වෙනස් වීමක් සිදුවීමට ඉඩ ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය .