අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි .
මෙම වර්ජනය අද උදෑසන 8.00 සිට මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, නැගෙනහිර පළාතේ රෝහල්වල ක්‍රියාත්මක වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය .
මේ අතර වෛද්‍යවරුන්ගේ දීමනා ගැටලුවට රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ දක්වාත් කටයුතු නොකර සිටීම හේතුවෙන් හෙට (23) සිට අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය .