සුපිරි මතකයක් නිසා ලෝක වාර්තා පොතට ගිය අවුරුදු තුනේ වැඩ්ඩා

පින්තූර 1098ක නම් හදුනාගෙන ලොව ඉහල මතක ශක්තියක් ඇති දරුවෙකු ලෙසින් චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ හුණුපිඩිය ප්‍රදේශයේ පදිංචි තුන් හැවිරිදි දරුවෙකු සමත් වී තිබෙනවා.

මොහොමඩ් ෂම්ලාන් නැමති එම දරුවා අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හදුනාගෙන මෙම ලෝක වාර්තව පිහිටුවා තිබෙනවා.

මේ අනුව වයස අවුරුදු තුනේ දී ලොව ඉහළම මතක ශක්තියක් ඇති දරුවා ලෙස ෂම්ලන් දරුවා නම් කර තිබෙනවා.

ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම චෝලන් ලෝක වාර්තාව පිහිටුවීම සඳහා චෝලන් ලෝක වාර්තා පොත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහත්මිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ උප සභාපති චන්ද්‍රමෝහන් යන මහත්වරු විනිසුරුවන් ලෙස කටයුතු කර තිබෙනවා.

චෝලන් ලෝක වාර්තාවට හිමිකම් කියන ෂම්ලන්ට විනිසුරුවරුන් විසින් රාමුගත සහතිකයක්, රන් පදක්කමක්, සමරු ඵලකයක් සහ හැඳුනුම්පතක් පිරිනමා උපහාර දක්වනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!