NPP එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හමුවුණේ ඇයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද උදෑසන ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා

එහිදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් ශ්‍රී ලංකාව තුළ දියත් කර ඇති වැඩසටහන් පිළිබඳව ජාතික ජන බලවේගයට පැහැදිලි කිරීමක් සිදුකළා

රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ වර්ධනය වී ඇති දිළිඳුකම ඇතුළු සමාජ ආර්ථික ගැටලු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී ඇති බවත්, ඔවුන්ගේ වාර්තාවට එම තොරතුරු ඇතුල් වී ඇති බවත් එහිදී ඔවුන් පෙන්වා දුන්නා

මෙම හමුව සඳහා එම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota), ප්‍රතිපත්ති විශේෂඥ චන්ද්‍රිකා කරුණාරත්න, මාධ්‍ය විශේෂඥ චතුරංග හපුආරච්චි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික බිමල් රත්නායක එක්වී සිටියා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!