පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යාංශය විසින් නව Whats App අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත්වීම් ඉල්ලා මහ ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා 070 722 7877 යන Whats app අංකය මේ අනුව හඳුන්වා දී තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ කාර්මික සාමය පවත්වාගෙන යාම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීමය. එසේම මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීමය.
ඒ අනුව මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත්, නිලධාරීන්ගේ කාලය කළමනාකරණය කර ගැනීමේ පහසුව සදහාත් මෙම whats app අංකය හදුන්වා දී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.