පානීය ජල බෝතල්වල ප්‍රමිතිය බලන්නේ නෑ – ඒකත් කනින් රිංගන හැටි

පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන නියමිත පරිදි ප්‍රමිතිය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ සිදු නොකරන බව අනාවරණය වේ.

ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජල උල්පත් මගින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන ආයතන මාස හයකට වරක් රජයේ පිළිගත් රසායනාගාරයකින් ජල නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබද පරීක්ෂා කළ යුතු බවට වන නියාමනයක් පවතී. එහෙත් එම නියාමනය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ජල බෝතල් නිෂ්පාදන සමාගම් කටයුතු කරමින් සිටී.

මෙම වාර්තා සදහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුවේ. මේ වන විට ජල බෝතල් නිෂ්පාදන කරන ආයතන විශාල ප්‍රමාණයක් පැවතියත් එයින් ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇත්තේ ආයතන 42ක් පමණි. එයින් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ ආයතන 9 ක් පමණක් වන බවද අනාවරණය වේ. ඒ අනුව ලියාපදිංචි ආයතනවලින් ආයතන 33ක්ම මෙම පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර නැත.