හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සදහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට නවාතැන්දී තිබෙන ස්ථාන ලබාගැනීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව අනාවරණය වේ.
කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ගොඩනැගිල්ලක සහ පැජට් පාරේ පිහිටි නිවාස සංකීර්ණයක හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා යොදා සිටින ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදී තිබේ.
මෙම ස්ථාන දෙක නැවත තමන් වෙත පවරා දෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ ඛනිජ තෙල් නීිතිගත සංස්ථාවෙන් ලිඛිත දැනුම්දීමක් කර තිබෙන බවද ආරංචිමාර්ග අනාවරණය කරයි. මේ නිසා ආරක්ෂාවට යොදා සිටින ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවද අනාවරණය වේ.
කෙසේ වෙතත් ආරක්ෂාවට යොදා සිටින ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් වන නිසා ඔවුන්ට අවශ්‍ය නවතානැන් පහසුකම් ලබාදිය යුතු බවට හිටපු ජනාධිපතිවරයා ස්ථාවරයක පසුවන බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.