රිය අනතුරක් හේතුවෙන් කළටුවාව ජල පවිත්‍රාගාරයට අයත් ප්‍රධාන නළයකට හානිවීමෙන් අඩාල වූ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ජල සැපයුම යථා තත්ත්වයට පත් කළද වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවලදී තාවකාලිකව අඩු පීඩනයක් යටතේ ජලය නිකුත්විය හැකි බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.
කෙසේ වෙතත් ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටින්නේ කිසියම් ප්‍රදේශයක ජල සැපයුම යථා තත්වයට පත්ව නොමැති නම් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙසටයි.
එසේ දැනුවත් කළ විටදී බවුසර් මගින් අදාළ ප්‍රදේශවලට ජලය ලබාදෙන බවයි එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.
ගොඩගම ප්‍රදේශයේ දී පෙරේදා (17) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, කලටුවාව පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක ගැටීම හේතුවෙන් එම නළ මාර්ගය පිපිරී, රුක්මල්ගම, පන්නිපිටිය, හෝමාගම, මත්තේගොඩ සහ පැලැන්වත්ත මෙන්ම හයිලෙවල් මාර්ගයේ ප්‍රදේශ රැසක ජල සැපයුම ඇණහිට තිබුණා.