ඉන්දියාවේ විදේශ ඇමති හෙට ලංකාවට

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණීමට හේතුව ලෙස වාර්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර තිබෙනවා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එළැඹෙන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයකට එක්වනු ඇති බව මින් පෙරදී සඳහන් කර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!