ලබන 26 ගැන ලංකා ගුරු සංගමයෙන් පෙර දැනුම්දීමක්

ලබන 26 වන දා එනම් බදාදා දිනයේදී ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ.

මේ අතර සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (18) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡා සුබවාදී බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසුවේ, වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන්ට සතියක කාලයක් ලබාදෙන බවයි.

මේ අතර අද දිනයේ සිට විශ්වවිද්‍යාල ඉදිරිපිට අට්ටාල ගසමින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ද පැවසු ඒ මහතා විසඳුම් නොලැබුණහොත් සත්‍යග්‍රහ ව්‍යාපාරය කොළඹට ගෙන එ්මට කටයුතු කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!