අද සිට වතුර නැති කොළඹ ප්‍රදේශ

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුවනු ඇති.