සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මේ මස 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම තරගාවලියට සමගාමීව ඕස්ටේ්‍රලියානු කණ්ඩායම එක්දින තරගයකට පමණක් සහභාගි වීමට නියමිතව සිටි බවත් ශ්‍රී ලංකා කිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර එක්දින තරග දෙකක තරගාවලියක් බවට පත්කරගැනීමට හැකිවූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.