සරසවිවල අනධ්‍යන සේවකයොත් වර්ජනයේ

වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙවැනි දිනටත් අද (13) ක්‍රියාත්මක වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, අද පස්වරු 4.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි.

ඊයේ දහවල් 12න් අනතුරුව දිවයිනේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ම අනධ්‍යන සේවකයන් සේවයෙන් ඉවත් වූ අතර ඊට ප්‍රධානම හේතුව ලෙස රිච්මන්ඩ් මහතා පෙන්වා දෙන්නේ, ඉකුත් ජනවාරි මාසයේ 22 වැනි දා පැවති සාකච්ඡාවේ දී පොරොන්දු වූ පරිදි විශ්වවිද්‍යාලවල වැටුප් කප්පාදුව නිවැරදි නොකිරීමයි.

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, බලධාරින් විසින් ඊට විසඳුමක් ලබා නොදුනහොත් එළඹෙන සතියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට සිදුවන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!