සුරතලයට ඇති කළත් සතා සතාමයි – චීටෙකුගෙන් හිමිකරුට එල්ලවුණු නොසිතූ ප්‍රහාරය

චීටාවෙකුගේ ප්‍රහාරයට ලක්වන පකිස්ථාන පුද්ගලයෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ලාහෝර් සෆාරි සත්වෝද්‍යානයේ සිදු කළ සත්ත්ව වෙන්දේසියකදී එම පුද්ගලයා විසින් එම සත්ත්වයාව මිලට ගෙන තිබෙනවා

නිවසක බල්ලන් සහ පූසන් සුරතලුන් ලෙස ඇතිකිරීම අපිට ඉතාම සුලබ දසුනක්.

නමුත් නිවසක සුරතලෙකු ලෙස චීටාවෙකු ඇතිකිරීම ඉතාමත් අසාමාන්‍ය සිදුවීමක්.

චීටාවෙකුගේ ප්‍රහාරය එල්ලවන එම වීඩියෝව සමාජ මාධ්‍යට එක්කර තිබුණේත් ප්‍රහාරයට ලක්වන හිමිකරු (Nouman Hassan) විසින්මයි.

පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අතර සෝෆාවක් මත හිඳගෙන සිටින චීටාවෙක් එම වීඩියෝවේ අපිට දැකිය හැකියි.

Hassan මහතා ඒ කියන්නේ හිමිකරු චීටාගේ හිස සහ පිට අතගා සුරතල් කිරීමට උත්සාහ කරන විට එම සතා කලබල වී ඔහුගේ කන අසලට පහර එල්ල කරනවා.

සත්ත්වයාගේ හිමිකරුට තුවාල සිදුවී ඇත්ද යන්න පැහැදිලි නැති නමුත් ඔහු සිනාසී සතාගෙන් ඉවතට යාම අපිට දැකගැනීමට හැකියි.

ඉතින් මේ “චීටාගේ ප්‍රහාරය” ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍යට මුදාහැරලා දින හතරකට පස්සේ ඒ වීඩියෝ එකට ලයික් මිලියන 2.3ක් සහ නැරඹුම් වාර මිලියන 173ක් ලබාගෙන තිබුණා.

පහත සබැඳිය හරහා එම වීඩියෝව නරඹන්න.

https://www.instagram.com/reel/C65cAFZhejz/?igsh=ZGFrZmwxNDQxaGl2

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!