පාතාල නායක නන්දසේන අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම ට සමගාමීව සිදුකරන විශේෂ මෙහෙයුම් යටතේ, කලක් විදේශගතව සැඟව සිට සිය ජාවාරම් දියත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කහන විටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නමැත්තා විශේෂ කාර්යය බලකා නිලධාරින්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ දී සැඟව සිටිය දී යි.

අත්අඩංගුවට පත් තැනැත්තා, ඉකුත් මාර්තු දෙවැනි දා, කිරිබත්ගොඩ සහ කටුනායක පොලිස් බල ප්‍රදේශවල දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අයිස් කිලෝ 9.3 මෙරටට ගෙන්වන ලද ප්‍රධාන ජාවාරම්කරුයි.

ඉකුත් සමයේ ඉන්දියාවේ සැඟව සිටි මොහු, පසුගිය පෙබරවාරි 29 වැනි දා මෙරටට පැමිණ ඇති අතර සිය දෙවැනි බිරිඳ සමග නුවරඑළි ප්‍රදේශයේ සැඟව සිටිය දී යි විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!