සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍යයන්ට නිදහස් ලකුණු දෙකක්

ආන්දෝලනයකට ලක් වූ 2023 වසරේ සාමාන්‍ය පෙළ විද්‍යාව පළමුවනවන ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 වන ප්‍රශ්න සඳහා නිදහස් ලකුණ බැගින් ලකුණු 02 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරනවා.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය වුණා.

ඒ අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!