ඉන්දීය ශ්‍රී ලංකා හවුල්කාරීත්වයක් ලෙස ආරම්භ කර ඇති Trinco Petroleum Terminal Ltd සමාගම හරහා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කටයතු ඉදිරියට ක්‍රියාත්මක කරමින් ඩොලර් ඉපයීමට බලශක්ති අමාත්‍යාංශය සූදානම් වෙයි.
ඒ අනුව නල පද්ධතියක් ඉදිකර නැව් සදහා තෙල් සැපයීමත්, තෙල් ගබඩා සංකීර්ණයක් ලෙසත් පවත්වා ගනිමින් විදේශ විනිමය රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සදහන් කළේය.
ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා අයි.ඕ.සී. ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරනවා. ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනවාත
බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවාග අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරනවා