උතුරේ පොලිසිවලට ඉන්දියාවෙන් වාහන

ඉන්දියාවෙන් උතුරේ පොලිස් ස්ථාන වෙත කැබ් රථ ලබාදීම සදහා වන අවභෝධතා ගිවිසුමකට අද දිනයේදී එළඹ ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිතරත්න අතර මෙම අවභෝධතා ගිවිසුම අත්සන් කර තිබේ.

ඒ අනුව උතුරේ පොලිස් ස්ථාන සදහා කැබි රථ 80ක් ලබාදීමට ඉන්දියාව එකගවී තිබේ. සිංගල් කැබ් රථ 80ක් මෙලෙස ලබාදෙන අතර ඒ සදහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එකගතාවය දක්වා ඇත.

මේ සදහා රුපියල් මිලියන 300ක මුදලක් ඉන්දියාව විසින් වෙන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූ අතර මේ වන විට චීනයේ සංචාරයක නිරතවී සිටී.