අද රෑ 7.50 යුපුන්ට තීරණාත්මක මොහොතක්

ඩුබායිහි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය මලල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසෙනවා.

ඒ අනුව මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගිවන මීටර 100 තරගය පැවැත්වෙනවා.

මේ වසරේ ඔහු සහභාගී වන පළමු ධාවන තරගය මෙයයි.

ඊට අමතරව ගයන්තිකා අබේරත්න සහ තරුෂි කරුණාරත්න ද, අද රාත්‍රීයේ පැවැත්වෙන මීටර 400 සහ මීටර 800 ඉසව් සඳහා එක්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!