ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය (World Earth Day) අදට (22) යෙදී තිබෙනවා.

මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නයි.

2040 වන විට ප්ලාස්ටික් භාවිතය 60%කින් අඩුකිරීම හා ප්ලාස්ටික් භාවිතය නිසා මිනිස් සෞඛ්‍යට සහ පරිසරයට ඇතිවන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙවර එහි අරමුණ වී තිබෙනවා.

ප්‍රථම වරට ජගත් මිහිතල දිනය සමරා ඇත්තේ 1970 වර්ෂයේ අප්‍රේල් 22 දින අමෙරිකා එක්සත් ජනපදයේදී බව සඳහන් වනවා.

අද වන විට රටවල් 193ක ජනතාව මිහිතල දිනය වෙනුවෙන් පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම එක්ව සිටිනවා.

වර්ෂ 1970 අප්‍රේල් මස 22 වනදා අමෙරිකාවේ පැවැත්වුණු ප්‍රථම මිහිතල දිනයට සමගාමීව අප්‍රේල් මස 22 වනදා ජගත් මිහිතල දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!