මන්ත්‍රීවරු තුනක් පාර්ලිමේන්තුවෙන් අස් වී, රට පනින්න ලෑස්තියි

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට නියමිත බව, ජාතික පුවත්පතක් අද (09) වාර්තා කළා.

ඒ අනුව ඉකුත් මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙක් තම මන්ත්‍රී ධුරවලින් ඉවත් වී මේ අයුරින් විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර ඔවුන් රට හැරයාමට හේතුව ලෙස එම පුවත්පත පෙන්වා දෙන්නේ, ඔවුන්ට පාර්ලිමේන්තුවට යළි පත්වීමට ඇති අවිනිශ්චිතතාව ද හේතු වී ඇති බවයි.

මේ අතර මන්ත්‍රිවරු තිදෙනෙක් රට හැර යාමට සූදානමින් සිටින බව තමන්ටද දැනගන්නට තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධනද පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී සඳහන් කර තිබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මේ හා සමාන සිදුවීමක් ඉකුත් දිනවල ද සිදු වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදී මනාප ලක්ෂකට වඩා ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ උද්දික ප්‍රේමරත්න මහතා ද සිය මන්ත්‍රීදුරය අතහැර විදෙස් ගත වූවා.

පසුව අනාවරණය වූයේ ඔහු කැනඩාවේ ජීවත් වන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!