ජනාධිපතිවරණයට සල්ලි තියෙනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන බව හා එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එසේම අයවැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී සිහිපත්කලේ,

රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලු‍කාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍ය ව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම් අඛණ්ඩ ව නිසි කලට ලබා දීම මෙන් ම පාසල් වසා තැබීම නිසා අතපසු ව පැවති අධ්‍යයන කටයුතු ආවරණය කරමින් විභාග කාලසටහන ක්‍රමයෙන් යථා තත්වයට ගෙන ඒමට ද කැප වීමෙන් ක්‍රියා කළ බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් කී ය. එසේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීමත් සමග ම පූර්ණ නිදහසක් හා මනා සහයෝගයක් තමන්ට ලබා දුන් බවයි.

ඒ අනුව සකස් කර ඇති ඉදිරි සැලසුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

ඉදිරියේ දී අභියෝග භාරගත නොහැකි පුද්ගලයන්ට රට භාර නොදෙන ලෙසට අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!