රුසියාවේ පුටු හුවමාරුවක් – ෂූලෝව් වෙනුවට බිලෝසෝෆ්

2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ පුටින්ගේ සමීපතමයෙකු වන සර්යෙගි ෂූලෝව් එම ධුරයෙන් ඉවත් කර රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි හිටපු උප අගමැති ඇන්ද්‍රෙයි බිලෝසොෆ් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෂූලෝව්ගේ ධුර කාලය තුළ ක්‍රිමියාව රුසියාව ඈඳාගැනීම, යුක්‍රේන ආක්‍රමණය වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධ වැදගත් තීන්දු ගෙන ඇති බව පැවසෙනවා.

68 හැවිරිදි ෂූලෝව් ධුරයෙන් ඉවත්කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් එම ඇමති ධුරය සිවිල් පුරවැසියෙකු වෙත ලබාදීමේ අවශ්‍යතාව මත ආරක්ෂක අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ක්‍රෙම්ලින ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

නමුත් බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙය පුටින් රජය තුළ පවතින අර්බුදවල ප්‍රතිඵලයක් ලෙසටයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!