වීසා ගැටලුවට හඬ නැගූ තරුණයා පොලීසියට- වීඩීයෝ කළ තිදෙනාත් කැඳවලා

ඉකුත් මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු නීතිඥවරයෙක් වන සඳරුවන් කුමාරසිංහ නැමති අදාළ තරුණයා අද(6) උදෑසන 10ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් ඔහු පොලීසියට පැමිණි අවස්ථාවේ තවත් නීතිඥවරු පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම දැකගත හැකි වුණා.

එමෙන්ම පසුගියදා ගුවන් තොටුපොළේ ඇති වූ කලහාකාරී තත්ත්වය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!