බිත්ති බැම්මක් නිසා ජීවිතයෙන් සමුගත් මාස දෙකේ බිළිඳා

නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් මාස දෙකක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (09) පස්වරුවේදියි.

මෙම බිළිඳා සිටි නිවස බ්ලොක්ගල් වලින් සෑදූ කුඩා නිවසක් බවයි වාර්තා වෙන්නේ.

සිදුවීම සිදුවන අවස්ථාවේ කුඩා ළමුන් කිහිප දෙනෙක් එම නිවසේ සෙල්ලම් කරමින් සිට තිබෙන අතර බිළිඳාගේ මවද නිවසේ සිට ඇති බව සඳහන් වනවා.

මියගිය බිළිඳාගේ සිරුර මේ වන විට රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!