හුංගම ව්‍යාපාරිකයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු ඊයේ (09) රාත්‍රියේ වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

හාඩ්වෙයාර් වෙ‍ළෙඳසැලක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ පළමු මහ‍ලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ අදාළ වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන් වනවා.

මෙම වෙඩි වැදීම මනුෂ්‍ය ඝාතනයක් ද නැත්නම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙ‍‍‍තෙක් කරුණු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.

හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!