අනුෂ්ක වොල්ගා විවාහයේ ඇත්ත කතාව

අනුෂ්ක උදාන සහ වොල්ගා කල්පනී කියලා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය තරු දෙකක්.

වොල්ගා රංගනයෙන් ප්‍රේක්ෂක සිත් දිනාගත්තා.

ඒ වගේම WASTHI PRODUCTION තුළින් සිත් දිනාගත්තා අනුෂ්ක.

ඉතින් මේ දෙන්නා ගැන ඊයේ සමාජ මාධ්‍ය තුළ උණුසුම් පුවතක් සංසරණය වුණා.

ඒ තමයි අනුෂ්ක සහ වොල්ගා විවාහ දිවියට පත් වෙලා කියන පුවත.

ඉතින් ඒ දෙන්නට සුබ පතලා අනුෂ්කගේ හොඳම යාලුවා දුලාජ් ඡායාරූපයකුත් පළ කරලා තිබුණ නිසා හැමෝම හිතුවේ ඔවුන් දෙදෙනා ඇත්තටම විවාහ වෙලා කියලා.

කොහොම වුණත් වෙලාව යන්න යන්න ඒ පුවත උණුසුම් පුවතක් බවට පත් වුණා.

සමාජ මාධ්‍ය හසුරුවන්නන් ඔවුන් දෙපළගේ විවාහයට සුභ පැතුම් එක්කරලා තිබුණත් ,තවත් සමහරෙක් එම විවාහය විවේචනයට ලක්කරලා තිබුණා.

ඉතින් ඔයාලා කැමති ඇති මේ කතාවේ ඇත්ත මොකක්ද කියන එක දැනගන්න.

අපි දැන් මේ ඔයාලට කියන්නේ ඔවුන් දෙපලගේ විවාහයේ ඇත්ත විස්තරය.

අනුෂ්ක උදානගේ වස්ති ප්‍රඩක්ෂන් ගැන හැමෝම දන්නවා.

ඔහුගේ මුහුණු පොතේ ඔහු මෙවන් සටහනක් පළකර තිබුණා.

අනුෂ්ක සහ වොල්ගාගේ විවාහය කියලා කියන්නේ ඇත්තටම WASTHI PRODUCTION එකක්.

ඒ වීඩියෝ එකේ නම අනුෂ්ක WEDDING.

ඔවුන් දෙදෙනාගේ විවාහය ගැන හොයමින් හිටපු හැම කෙනෙක්වම පුදුම කරමින් ඊයේ රාත්‍රියේ ඔහු මේ බව සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!