එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) දහවල් 12ට අවසන් වුණා.
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරෙනවා.
එම කාලසීමාව ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්රිත ප්රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්රකාශයට පත්කර ඇති අතර, ඒ ආශ්රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්රියාත්මක වනවා.