දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අවසන්

ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද(10) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍යාංශයේදී .

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!