පස් පොඩ්ඩාගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි “පස් පොඩ්ඩා” නමින් හඳුන්වන පුද්ගලයාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

ඒ අද (10) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී.

ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර අදාළ සැකකරු ගුවන් තොටුපොළ පොලීසිය වෙත බාරදීමට පියවර ගෙන තිබෙනවා.

සැකකරු මීගමුව, කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් .

මෙම සැකකරු ගම්පහ “පස් පොඩ්ඩා” නැමැත්තාව 2022 වසරේ ජූලි මස වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළාගොස් ගිය බව සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!