නීතිඥ සංගමයේ සභාපති ඉවත් කරන්න යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය රැස්වී අද එම යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.

ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙන්.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් “ජයිකා” (JඓCඈ ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණා.

කෙසේ වෙතත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළැඹීමේදී පාරදෘෂ්‍යභාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩි අල්විස් සහ නීතිඥ රෂ්මිනි ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන්ට චෝදනා එල්ල වුණා.