ලෝක ශූරයින්ට මුහුණ දෙන්න වුණු අකරතැබ්බය

මෙවර T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩා­යම ගමන් ආරම්භ කිරී­මට සිටි බාබ­ඩෝස් ග්‍රාන්ට්ලි ඇඩම්ස් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පළ වස දම ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ බෙරිල් සුළි කුණා­ටුව හේතු­වෙන්.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉන්දීය ක්‍රීඩ­ක­යින් තව­මත් නවා­තැ­න්ගෙන සිටින හෝට­ලයේම නතරවී සිටිනවා.

එහිදී රෝහිත් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩා­යම ඊයේ (01) වන විට බාබ­ඩෝස් වෙර­ළට ආසන්න තරු පහේ හෝට­ල­යක නැවතී සිටි අතර, ඒ ආස­න්න­යෙන් මෙම බෙරිල් සුළි කුණා­ටුව ගමන් ගන්නා බවට කාල­ගුණ අනා­වැකි පළ­වුණා.

ඒ සමග ගුව­න්තො­ටු­පළ ඉරිදා(30) රාත්‍රියේ සිට වසා දමන බව බාබ­ඩෝස් අග­මැ­තිනී මියා මොට්ලි ප්‍රකාශ කර තිබුණා.

මේ හේතු­වෙන් ගුව­න්තො­ටු­පළ යළි විවෘත කරන තුරු ඉන්දීය කණ්ඩා­ය­මට බාබ­ඩෝස් හි නවතැන් ගැනීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.