මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී යාමෙන් දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මෙලෙස කැඩි ගොස් ඇත්තේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක්.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදුවන බැවින් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා.

එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරනවා.